අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීමෙන් පසුව පාසල් ආරම්භ වන දිනය

photo-2024-03-28-10-27-36.jpg
photo-2024-03-28-10-27-36.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එල්.බී.කුලතිලක මයා

අඩසියවසක් පුරා නිපුනත්වයෙන්  පිරි මිනිසුන් ලොවට බිහිකළ වැලිකන්ද මහා විද්‍යාලය, වත්මන වන විට පාසල් දහසක් සංවරවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පළමු අදියරෙහි යෝජිත පාසලක් දක්වා වැඩි දියුණු වී ඇති 1 AB වර්ගයේ පාසලකි. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ පෝෂණය වෙමින් ප්‍රදේශයේ මධ්‍යගතව පිහිටා වැලිකන්ද කොට්ඨාසයේ මෙන්ම දිඹුලාගල අධ්‍යාපනය කලාපයේ ද උතුරුමැද පළාතේ ද සුවිශේෂී හැකියා සහ දක්ෂතා ප්‍රදර්ශනය කරන දරු පිරිස දිනෙන් දින වර්ධනය කරන විදුපියසක් ලෙස අප පාසල හැදින්විය හැකිය.

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන ද ක්‍රියාත්මක වන අතර තාක්ෂණික විෂයමාලා යටතේ සුවිශේෂී දක්ෂතා පෙන්වන සිසු දරුවන් ලොවට දායාද කිරීමට තරම් අප පාසල ශක්තිමත්ව ඇති බව පවසනුයේ මහත් අභිමානයෙනි. ක්‍රීඩා කෞෂල්‍යයෙන් පිරි දරුවන් ජාතික මට්ටමට දක්වා යවමින්  එහි ජයග්‍රහණ ලබන්නටත් හැකි තරම් ශක්තිමත්ව ඇති බව මෙහිම ආදී සිසුවෙකු ලෙස ආඩම්බරයෙන් යුතුව ප්‍රකාශක කළ හැකිය. විසි එක්වන සියවසේ තාක්ෂණික ලොවකට ප්‍රවිශ්ඨ වී  ඇති දරුවන් එකී තරගකාරී ලොවකට දායාද කරවීමේ අටියෙන් පාසලට වෙබ් අඩවියක් හදුන්වා දෙන මේ අවස්තාවට මම හදවතින්ම සුභ ප්‍රාර්ථනා එක් කරමි. ඒ මගින් පාසලේ මෙන්ම ප්‍රදේශයේ උන්නතියට එක් වන ලෙස සියළු දෙනා වෙත ආරාධනා කරමි.

 

එල්.බී.කුලතිලක

නියෝජ්‍ය විදුහල්පති පරිපාලන

 

 

 

නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ ප්‍රකාශය

මහවැලි සිරිකත අතිනත අරගෙන - සරසවි නිවහන අපගේ තේමාවෙන්පෙරටම ගමන් ගන්නා වැලිකන්ද මහා විද්‍යාලයේ ,තවත් සුවිශේෂි අවස්තාවකට එළභෙඹන මේ මොහොතේ වැලිකන්ද මව්ට සුභාෂිංෂණ එකතු කරමි. වසර හැටතුනක සංවත්සර සැමරුම අභිමුඛව හිදිමින් අද දින පාසල ලොවටම විවෘත වීම සතුටට කරුණක් සේ සලකමි.

විවධ අංශයන් ඔස්සේ දස්කම් දක්වන අප පාසලේ දූ දරුවන් ලොවට විවර කිරීමේ එක් සන්ධිස්තානයක් ලෙස පාසල් නිල වෙබ් අඩවියක් මුදා හැරීමේ අවස්තාව හදුන්වා දිය හැකිය. බොහෝ කාලයක්  ඔස්සේ විවිධ බාධා මධ්‍යයේ ප්‍රතාපවත් ගමනක් පැමිණි වැලිකන්ද මව්නි,.............. ඔබට ජයෙන් ජය පතමි.

 

කේ.එම්.අයි.මධුරාණි

නියෝජ්‍ය විදුහල්පති සංවර්ධන

 

 

 

එල්.බී.කුලතිලක මයා
නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)
පො/දිඹු/වැලිකන්ද මහා විද්‍යාලය.