පාසලේ ඉතිහාසය

අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීමෙන් පසුව පාසල් ආරම්භ වන දිනය

photo-2024-03-28-10-27-36.jpg
photo-2024-03-28-10-27-36.jpg

වර්ෂ 1961.07. 01 වැනි දින වර්තමනය වන විට වැලිකන්ද සති පොල පවතින ස්ථානයේ මිශ්‍ර පාසලක් ලෙස පොල් අතු සෙවලිකල ඒක් ගොඩනැගිල්ලකින්  ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ වා.ප.ගු.අ.රත්නසේන මහතාය. එතුමන් සමග එම්.එස්.සිල්වා මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන්  ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස එල්.ඒ.ඇලන්නෝනා සිසුවිය පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. 

වර්ෂ 1991 න් පසු  විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.  භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 68ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 05කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "පරිසර ජීවිත අත්දැකීම් තුළින්වි ශිෂ්ඨත්වයට " යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි.

ආරම්භ කළ වර්ෂය

1961.07. 01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

වා.ප.ගු.අ.රත්නසේන

පාසලේ ආදි කතෘගේ නම

--------

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

වැලිකන්ද මිශ්‍ර පාසල

පාසල භාරව කටයුතු කිරීම

=------

පාසල රජයට පවරාගත් දිනය

1991. 05 .04

පාසල පැවැත්වූ ස්ථානය

වර්තමනය වන විට වැලිකන්ද සති පොල පවතින ස්ථානයේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

---------

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

එල්.ඒ.ඇලන්නෝනා

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින